රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)
Spread the love

දශක දෙකකින් රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු පමණ තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ බලය තහවුරු කරගැනීමත් සමග එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය, ඔහුට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙසත් සැලකෙයි.

ප්‍රහාරය ISIS සන්ධානය විසින් එල්ල කළ බවට සාක්ෂි ඇතැයි අමෙරිකාව සහ ප්‍රංශය ප්‍රකාශ කර තිබුණි.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැලකෙන සැකකරු මධ්‍යම ආසියානු කිර්ගිස්ථාන ජනරජයේ උපත ලැබූ අයෙකි. මේ අතර අත්අඩංගුවට ගත් තජිකිස්ථාන සැකකරුවන්ගේ පවුල්වලින් තොරතුරු ලබාගැනීම සඳහා රුසියානු විමර්ශකයන් පිරිසක් තජිකිස්ථානය වෙත ගොස් තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ඒ පිළිබඳ පාපොච්චාරණය කළ බව රුසියානු බලධාරීන් සඳහන් කරයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බරපතළ වධ බන්ධනවලට ලක්වී සිටි බව පෙනී ගිය කරුණකි.