චීනය ඉබේ ධාවනය වන බස්-දුම්රිය හයිබි්‍රඩ් එකක් නිමවයි

Spread the love

දැනටමත් ඉබේ ධාවනය වන වාහන ලොවට හඳුන්වා දී තිබෙන අතර, උෟබර් සහ ටෙස්ලා යන සමාගම් කාර්වලට අමතරව ඉබේ ධාවනය වන වෙනත් වාහන ප්‍රභේද ද ලොවට හඳුන්වා දීමට නිරන්තරයෙන්ම වෙහෙසෙනවා.

චීනයේ ඛ්අඅඛ් නැමැති රේල්ලු සමාගම බසයක් සහ දුම්රියක් යන ප්‍රභේද දෙකම භාවිත කළ හැකි ඔටෝ ධාවනය වන වාහනයක් නිමවා තිබෙනවා.

මෙයට බසයක් ලෙස මහමාර්ගවල ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

නමුත් මෙයට කෝච්චි පෙට්ටි මෙන් මගී ප්‍රවාහන ප්‍රමාණයේ අවශ්‍යතාව අනුව පහසුවෙන් පෙට්ටි එකතු කිරීමේ සහ අඩු කිරීමේ හැකියාවත් තිබෙනවා. එම එක පෙට්ටියකට මගීන් 100ක් රැගෙන යා හැකියි.

සම්පූර්ණයෙන්ම ඉලෙක්ටි්‍රක් බලයෙන් ධාවනය වන මෙම බස් දුම්රිය චීනයේ සුසවූ නගරයේ 2018 සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

[rns_reactions]