ඡන්දය කල්දාන්නෙ පොහොට්ටුවයි… ෆොන්සේකා ආයෙත් නා ගනී (Video)

Spread the love

ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී…

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ අර පොහොට්ටුවේ කට්ටියනේ.දැන් ඒගොල්ලෝ තමයි රජයට දෝශාරෝපණය කර කර හිටියේ මැතිවරණය කල් දානවා අරවා මේවා කිය කිය.දැන් තියන්න ඔක්කොම ලෑස්තිවෙලා තියෙනකොට පේනවනේ කවුද බය වෙලා තියෙන්නේ කියලා. බය වෙච්ච අය තමයි මේ වෙලාවේ පෙත්සම් ගහන්නේ.ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා මේ මැතිවරණය මේ කාලේ ඇතුලෙදි පවත්වනවා කියලා. ඒක කල්දාන්න කිසිම හේතුවක් නෑ කියන එක එතුමා පිිලිඅරන් තියෙනවා. මුලු රජයම එක ස්ථාවරයක ඉන්නවා. අපිට පාඩුයි. අපි අපි කැමති නෑ. මේක කල් දාන්න.ඔක්කොම තියන්න තිබ්බෙ 2015 ජනවාරි 8 දිනපුවාම එක දිගට මැතිවරණ ටික තියන්න තිබ්බේ.මේවා කල් යන්න යන්න රජයටයි පාඩු.පහුවෙන්න පහුවෙන්න අපිට අවාසියි.මොකද අපේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය මේ රටේ ජනතාවට හිටපු ගමන් අමතක වෙලා යනවා.ඉතිහාසය අමතක වෙනවා. එහෙම ගතියක් තියෙනවානේ.”