ඡන්දය ප්‍රකාශ කරන්න අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි මෙන්න

ඡන්දය ප්‍රකාශ කරන්න අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි මෙන්න
Spread the love

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කළේය.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා, “ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම අපැහැදිලි හැඳුනුම් පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගන්නේ නැහැ.”

Post Comment