ජනතාවට සේවය කරන්න කෝටි 4ක ෆෝ විල් එකක් ඕනෙමයි…

Spread the love

අඩුපාඩු අගහිගකම් මැද ජිවත් වෙන රටක  දුක් විදින ජනතාව බහුල බව කවුරුත් දන්නා කරුණකි. ජනතාවට සේවය කිරීමට, ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකිරීමට  යනුවෙන් පච ටොන් ගණන් අතහරිමින් ජනතාව මුලාවට පත් කරන දේශපාලකයන් පිළිබඳව ජනතාව මේ වනවිට බොහෝ දුරට කලකිරී ඇත. ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තු ගොස් තමන්ගේ බඩ කට රිසි සේ පුරවා ගන්නා දේශපාලකයන් හට නැවත ජනතාව මතක්වන්නේ නැවතත් ඡන්දයක් ලං වූ විට පමණි.. මෙය බොහෝ දේශපාලකයන් හට පොදු සිද්ධි දාමයකි….

මේ වනවිට පාර්ලිමේන්තු ඇමතිවරු 12 දෙනෙක් වෙනුවෙන් වාහන ගැනීම සඳහා කෝටි 54ක පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට ඇත..මෙවැනි ඇස්තමේන්තුවක් කිසිදු බාධාවකින් තොරව සම්මත වන බව ජනතාව මේ වනවිට වටහාගෙන ඇත.  ඇමති කෙනෙක් වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 400ක් සිගා කමින් මාධ්‍ය  ඉදිරිපිටට පැමිණ ඔවුන්ම  ජනතාව ඉදිරියේ  මෙසේ කිසිදු හිරිකිතයක්  නොමැතිව රෙදි ගලවා ගැනීම පිළිබඳව  ලැජ්ජා විය යුතුයි.

ලක්ෂ 14ට ගන්න තිබු Alto කාර් එකත් ජනතාවට උසුලා ගත නොහැකි ලක්ෂ 23කට ආසන්න මුදලකට ඉහල නංවා තමන්ගේ සැප පහසුව සඳහා ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 400ක 500ක වාහන ගැනීම පිළිබඳවයි දේශපාලකයන් ලැජ්ජා විය යුතු බව ජනතා මතවාදයයි.

….ජනතාවගේ ප්‍රශ්න තාමත් එසේමය….

….පක්ෂ විපක්ෂ  මැති ඇමැතිලාගේ  බඩ කට යහමින්  පිරි ඇත….