ජනතාවත්, පාක්ෂිකයාත් ගොනාට අන්දවමින් සජිත් එන පොට ගෑනිගෙන් පෙනෙයි – වෙන්ට ආර්යාව ජාතිය අමතයි – වීඩියෝ

ජනතාවත්, පාක්ෂිකයාත් ගොනාට අන්දවමින් සජිත් එන පොට ගෑනිගෙන් පෙනෙයි – වෙන්ට ආර්යාව ජාතිය අමතයි – වීඩියෝ
Spread the love

අපොස සාමාන්‍ය පෙළවත් නොමැතිකමින් දැඩි කඩා වැටීමකට පත්ව සිටි එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගොඩ එන්නට යැයි සිතා ජ්‍යේතීඥවේදීන්ගේ උපදෙසින් සහ තම නුවණින් මැන බලා බිරිඳ වන ජලනී ප්‍රේමදාසව මරු නැකතකින් පසුගියදා දේශපාලන වේදිකාවට නැංවුවාය.

ඒ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසය.

තම පළමු කථාවෙන්ම එජාප අනාගත නායක සජිත් ප්‍රේමදාසයේ “ආර්යාව” යැයි තමාට තමා විසින්ම ආමන්ත්‍රණය කරගනිමින් කථාව ඇරඹූ සජිත්ගේ නීත්‍යනුකූල බිරිඳ ලෙස පෙනීසිටින ජලනි ප්‍රේමදාස, යළි යළිත් එක්සත් ජාතික පක්ෂිකයින්ට සහ ජනතාවට අවර්ජනය කළේ ප්‍රේමදාසලාගේ පෙර පුරුදු වෙනස් වී නොමැති බවයි.

ඇය එහිදී මෙසේද කීවාය. එම කතාව අප සංස්කරණයකින් තොරව ඔබට ඉදිරිපත් කරන්නේ සජිත් ඇතුළු ප්‍රේමදාස පවුල එක්සත් ජාතික පක්ෂයට මුවා වී මේ එන්නේ මොකාටද යන්න හොඳින් අවබෝධකර ගැනීම සඳහාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්. ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි. ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’