ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙහිදී වත්මන් දේශපලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.
මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කර නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කළ යුතු බවට මෙහිදී යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. අදාල යෝජනාව ඒකමතිකව සම්මත වූ බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල 06 වන සාකච්ඡා වටය ඊයේ (26) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය. අදාල සාකච්ඡාව සාර්ථකව සිදු වූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

