ජනපති ගැන සුජීව කළ ප්‍රකාශය ගැන පරික්ෂණයක්.. සුජිවට සහ එජාපයට වැඩ වැරදෙන ලකුණු..

Spread the love

ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා.

බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුකරන බැවින් ජනාධිපතිවරයා පිළිබඳ කළකිරීමෙන් පසුවන බවයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ අදාළ ප‍්‍රකාශකයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංගනය වන බවයි. 

[rns_reactions]