ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට සුවිශේෂී ඓතිහාසික තිළිණයක් (photos)

Spread the love
රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.
 
19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. 
 
දෙරට අතර සමීප සබදතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.