ජනපති මෛත්‍රීට දකුණු කොරියාවෙන් ගෞරවනීය පුරවැසිභාවයක්

Spread the love

දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති පාක් වොන් සූන් (ර්ථීචපඬ එධද-ඵධධද) මහතාගේ නිල කාර්යාලයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපති වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමක් කර ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුළ පවතින නොපසුබස්නා උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම බෙහෙවින් තම සිත්ගෙන තිබෙන බවද ර්ථීචපඬ එධද-ඵධධද මහතා මෙහිදී සඳහන් කළේය. ඊට ගෞරවයක් වශයෙන් සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනමන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම්ද ජනාධිපති වෙත පැලඳවූ නගරාධිපති ර්ථීචපඬ එධද-ඵධධද මහතා වර්ණවත් සළුවක් ජනාධිපතිතුමා වෙත පැලඳවිය.

පුරවැසිභාවය පිරිනැමීම තුළින් මෙට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශ්වකරුවකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් නගරාධිපතිවරයාට සහ නගරවැසියන්ට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ශ්‍රී ලංකා රජයටත් එහි පුරවැසියන්ටත් දැක්වූ ගෞරවයක් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය.
ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හරහා සෝල් මෙට්‍රොපොලිටන් නගරය මෙහෙයවන ආකාරය පාලන මැදිරිය තුළින් දැකබලා ගැනීම සඳහා ද එක්වූ ජනාධිපතිතුමා එම සාර්ථක අත්දැකීම් කොළඹ නගර සැලැස්මේදී උපයෝගි කර ගැනීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරල, මලික් සමරවික්‍රම, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[rns_reactions]