ජනපති මෛත්‍රීව යළිත් ජනපති කරන්න සංදේශයක්!

ජනපති මෛත්‍රීව යළිත් ජනපති කරන්න සංදේශයක්!
Spread the love

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (06) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ සංදේශයක් භාර දී තිබේ.

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී සදහන් කළ බව ඉකුත්දා මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ විරෝධී කණ්ඩායම සමග එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා නායකත්වය ගනිමින් එම සන්ධානය බිහිකිරීමට පියවර ගන්නා ලෙස ද එම සංදේශය මගින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති කාර්යාලයට ඊයේ දහවල් පැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප‍්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත‍්‍රපාල, ශි‍්‍රයානි විජේවික‍්‍රම, මොහාන් ලාල් ගේ‍්‍රරු, ශාන්ත බණ්ඩාර යන මන්තී‍්‍ර කණ්ඩායම ජනාධිපතිවරයාට මෙම සංදේශය භාර දී ඇත.