ජනපති මෛත්‍රී නියමයෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක්

Spread the love

දරුවන්ගේ ආරක්ෂාව පිළිබ දැනුවත් කිරීම සහා ස්වේච්ඡාවෙන් සේවය කරන නීතිඥ කණ්ඩායම් පාසල්වලට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව විලයාය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දරුවන් ආරක්ෂා කර ගැනීම දියුණු සමාජයේ වගකීමක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් යොදවා ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

"දරුවන් සුරකිමු" ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රීක් සමුළුව අද (10) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්වි…

Posted by Maithripala Sirisena on Friday, November 10, 2017

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන.සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන අපයෝජනය සහ අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය යටතේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවේ.එහි සමාරම්භක අවස්ථාව පසුගිය සැප්තැම්බර් මාසයේදී මහනුවර දිගන, පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු අතර දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ 2017-2019 ජාතික සැලැස්ම ද එහිදී එළිදැක්විණි.හෙට පැවැත්වෙන පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුවේදී ද ජනාධිපති කාර්යාලය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර පොළොන්නරුව, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් ක්‍රියාවට නැංවේ.අදාළ දිස්ත්‍රිරක්ක තුළ ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන්ට වඩා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සදහා තෝරාගත් ළමා නිවාස 05 ක් නවීකරණය හා ප්‍රතිසංස්කරණය, වකුගඩු රෝගී අවදානමෙන් දරුවන් මුදා ගැනීම සදහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පාසල් 20 කට ප්‍රරතිආශ්‍රැතකරණ ජල පිරිපහදු කට්ටල ලබාදීම, තිරසර පාසල් වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 381 ක් සදහා එක් පාසලකට රුපියල් 50,000 බැගින් ප්‍රතිපාදන ලබාදීම හා දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදුවලට හුරුකිරීම සදහා අවශ්‍ය උපකරණ ලබාදීම, ආබාධ සහිත පාසල් දරුවන් සදහා රෝද පුටු, අත්වාරු,ඇස් කණ්ණාඩි ආදි උපකරණ ලබාදීම සහ පූර්ව ළමා විය සංවර්ධනය සදහා තෝරාගත් පෙර පාසල් 45කට අවශ්‍ය පහසුකම් සහ පාසල් දරුවන් 1000 ක් සදහා පොත් බෑග් ලබාදීම ආදි වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ.ලෝකයේ දියුණු රටවල කරන ලද සමාජීය හා විද්‍යාත්මක පර්යේෂණ තුළින් අනාවරණය කරගෙන ඇත්තේ පුද්ගලයන්ගේ කුසලතා හා ආකල්ප හැඩගැස්වීම උදෙසා ළමා වියෙහි දී සිදුවන මානසික බලපෑම් ඝෘජුවම හේතු වන බවයි. යහපත් සමාජයක් ප්‍රතිනිර්මාණය උදෙසා ළමා වියෙහි මානසික සංවර්ධය ක්‍රමානුකූලව, විධිමත්ව සහ යහපත් ආකාරයෙන් සිදු කළ යුතු අතර ඒ තුළින් ඵලදායී, ගුණගරුක, නීතිගරුක සහ යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත.ඒ අනුව, අද දවසේ අවශ්‍යතාවය වී ඇත්තේ දරුවන්ට අත්විදීමට සිදුවන අහිතකර බලපෑම් හැකිතාක් දුරට අවම කිරීමයි. පෞරුෂ සංවර්ධනය පිළිබදව සමාජයේ දැනුවත්භාවය ඉහළ නැංවීම මේ සදහා අත්‍යාවශ්‍ය කරුණකි. ඒ අනුව ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන යටතේ ,අනාගතය දිනන දරුවෝ, පෞරුෂ සංවර්ධන වැඩසටහන ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක තිරසර පාසල් වැඩසටහන යටතේ දරුවන්ගේ කියවීමේ රුචිය ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකය. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ 2018 වසර තුළ විශේෂ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සදහා වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 250 කි.

Posted by Maithripala Sirisena on Friday, November 10, 2017

[rns_reactions]