ජී එස් පී ප්ලස් බදු සහනය මැයි මස 19 වැනිදා එනම්, ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක වීම ඇරඹෙනවා.
අද කොළම පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදෙන යුරෝපා ප්රකාශනය ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වෙන අතර, සිකුරාදා සිට එහි ප්රතිලාභ ශ්‍රී ලංකාවට විවෘත කෙරෙනවා.
ඒ අනූව, යුරෝපයට අපනයනය කෙරෙන ශ්‍රී ලංකා නිෂ්පාදනවලින් සියයට 66ක් සඳහා සම්පූර්ණයෙන්ම බදු ඉවත් කෙරෙනවා. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් කියා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි.
ජී එස් පී ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා කියා සිටියේ, මානව හිමිකම් සහ යහපාලනය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන බදු සහනය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
[rns_reactions]

