ජනපති හදිසියේම මහඇමතිවරු කොළඹට කැඳවයි.

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි පළාත් සභා 7හි මහඇමතිවරුන් හදිසියේම කොළඹට කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට පැවැත්වෙන විශේෂ සාකච්ජාවක් සඳහා මෙම මහ ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා වේ.

ඉදිරි මැතිවරණ කටයුතු සහ පලාත් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් මෙහිදි සාකච්ජා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.