ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, මැතිඇමතිවරුන් ඇතුළු ඉහළ පෙලේ නායකයින් මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡා ලබන 25 වනදා කැම්බරා හිදී පැවැත්වෙනු ඇත.
මීට අමතරව ජනාධිපතිවරයා එරට ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලි බිෂොක් මහත්මිය ද එදින මුණගැසීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ලබන 26 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරිය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්වේ.