ජනප්‍රියත්වයට හානියක් වේ යැයි සිතා දෙවනි ඉණිමේ අනුහස් කාටත් හොර රහසේම යුගදිවියට!

Spread the love

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවන ඉණිම නාට්‍යයේ අනුහස් නම් ප්‍රධාන චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක පසුගියදා යුග දිවියට පිවිස තිබෙනවා. ඔහුගේ විවාහය අතිශය රහසිගතව සිදුව ඇත්තේ කළක් ඔහු සමඟින් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතිය සමඟින්.

රවීන්ගේ විවාහය සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් සහභාගී වී ඇති අතර ඔහු සමඟින් ක්ෂේත්‍රයේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන සමීපතමයින් කිහිදෙනෙකුට විවාහය සඳහා ආරාධනා කර තිබෙනවා.

රවීන්ගේ විවාහය සඳහා සහභාගී වූ පිරිසට ස්තූති පත්‍රිකාවක් හෝ ලබාදීම මෙහිදී සිදුකර නැති බවත් විවාහයේ මංගල ඡායාරූපය පවා ප්‍රින්ට් නොකොට තැබීමට ඔවුන් තීරණය කර තිබූ බවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය 26 වනදා වෝටර්ස් ඒජ් හිදී මෙම විවාහය සිදුව ඇති අතර එහි පැමිණ සිටි පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර රවීන් පවසා ඇත්තේ විවාහයේ කිසිදු ඡායාරූපයක් සමාජජාලවලට එක් නොකරන ලෙසටයි. එලෙසින් මෙම විවාහය රහසිගතව සිදුකර ඇත්තේ ඔහුගේ ජනප්‍රියත්වයට විවාහය ප්‍රසිද්ධ කිරීමෙන් යම් ආකාරයක බලපෑමක් වේයැයි සිතූ නිසා බවටයි ක්ෂේත්‍රයේ පිරිස් පවසා සිටින්නේ.

මේ අතර පසුගියදා රවීන් හා නයනතාරා එක්ව මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර රවීන්ගේ සැබෑ ජීවිතයේ විවාහයට සමගාමීව එම ඡායාරූප ප්‍රසිද්ධයට පත්කර තිබුණේ එම විවාහය පිළිබඳව ඔහුගේ රසිකයින්ගෙන් සඟවා සිටින්නට බවටයි මේ වන විට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.

[rns_reactions]