ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයකු වීමට සුදුසුකම් නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
රටේ ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි කෙනෙක් ගැන කතා කිරීම ඵලක් නොවන බවත්, ඉන් සිදු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව තමන්ද අපහසුතාවට පත් වීමක් පමණක් බවත් දිසානායක මහතා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉල්ලීමක් ඇත්තේ නම් කළ යුත්තේ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට අදාළ ලිපිය ඉදිරිපත් කර තමා ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු බව පෙන්වීම යැයිද, ඉන්පසු ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
යුද්ධය නිම කර රට සංවර්ධනය කරමින් වසර දහයක් ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ පාලනය ප‍්‍රමාණවත් බවත්, රාජපක්ෂවරුන්ට පමණක් මේ රට හැදීමට පුළුවන් යන මතයේ තමා නොමැති බවත් ඊයේ (20) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පවත්නා සාකච්ඡුාවක ජනාධිපති අපේක්ෂකයා කියන කාරණයේ දී රාජපක්ෂ නොවන කෙනෙක් ගැන කතා කරන්නේ නම් එම සාකච්ඡුා බොහෝ දුරට අවසන් වී මැතිවරණයට පෙර ජනතාවට ජයග‍්‍රහණය ලබා ගැනීමට හැකි බව ද දිසානායක මහතා කීවේය.
