ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බව එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් එකඟතාවයකට පැමිණෙන බවද ඔහු පැවසීය.
ජනාධිපති අපේක්‍ෂක තීරණය කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා මණ්ඩලයක් හෝ කමිටුවක් පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව ද ඔහු කියා සිටියේයය.
ඒ අනුව එම නාමයෝජනා මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා නිර්දේහ කරනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.