ජපානය යනු ලොව දියුණුම තාක්ෂණයක් සහිත නිතිගරුක රටක්. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව සදහන්.
මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ අපේ රටේ අයියලා පිරිසක් සොයාගෙන තිබෙනවා.
ජපානයේ තැබෑරුමක තනිවම මත්පැන් පානයකරන ශ්රී ලාංකිකයන් සිදුකරන්නේ මත්පැන් පානය තනිව මේසයක් මත සිටීමය.මේ දකින ජපන් ජාතිකයන් පොලිසියට දැනුම්දෙයි. ක්ෂණිකව පොලීසිය එතනට පැමිණෙයි.
පොලිසිය පැමිණ බොහොම ගරුත්වයෙන් බිමත් පුද්ගලයා සමග පොලිසිය පිලිසදරකට එක්වෙයි.
පොලිසිය – ඔබ ආවේ කා සමගද?
ශ්රී ලාංකිකයා -මිතුරෙකු එනවා කිව්වා ඔහු අවේ නැහැ.
පොලිසිය – ලිපිනය දෙන්න පුලුවන්ද?
ශ්රී ලාංකිකයා ලිපිනය ලබාදෙයි.පොලිසිය විසින් google map එක බලයි.
පොලිසිය – දැන් බිලා ඉවරද?
ශ්රී ලාංකිකයා – ඔව්.
පොලිසිය -අපි යමු දැන්.
පොලිසිය විසින් ඔහු කරට අතක් දමා පොලිස් වාහනයට නන්වාගනී දොර විවර කර හිස වදින නිසා හිසට අතක්ද තබා ඔහුව පොලිස් වාහනයේ නංවා ගන්නා අතර.ඔහු පැමිණි වාහනයේ වෙනත් පොලිස් නිලධාරියෙක් පදවාගෙන එයි.පසුව ඔහුගේ නවාතැනට රැගෙනවිත් “සර් බොහොම ස්තුතියි බීමතින් රිය නොපැදවුවාට.මින් පසුව එවැනි මිතුරන් සමග බොන්න යන්න එපා.”යනුවෙන් පවසා ඔවුන් එතනින් නික්ම යයි.
ශ්රී ලාංකිකයන් මාස දෙකකට වරක් පමණ මෙසේ කරන බව ඔහු අප සමග පැවසිය.
[rns_reactions]