බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියනවා

හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති බව ඒ වාර්තා වල සඳහන් වන්නේ.
ඊට අමතරව එම තනතුර භාර ගැනීම පිලිබඳ, ඕස්ට්‍රේලියාවේ ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් යන පුහුණුකරුවන් ගෙන්ද විමසීම් සිදුකරලා තියෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් කිව්වේ මෙම සියලු පුහුණුකරුවන් අදාළ තනතුර භාර ගැනීමට පෙර තමන්ට අවශ්‍යතාවක් ඇති වූ විට ගිවිසුමෙන් ඉවත් වෙන්න කොන්දේසියක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි
බංග්ලාදේශ පිලේ දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ

කොහොම උනත්, නොවැම්බර් 15 වැනිදායින් පසු බංග්ලාදේශයට පැමිණ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි හතුරුසිංහ දැනුම් දීලා තියෙන්නේ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ගැන එරට ක්‍රිකට් බලධාරීන් මේ වෙනකන් තීරණයක් අරගෙන නැහැ කියලයි
 


 
								 
								