ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේ තීන්දුවක් ගන්නවානම් එය ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එසේ සිදු වනවානම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට පෙරද පසුද කියා නිශ්චිතව කිව නොහැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.