ජාතික නිදහස් පෙරමුණෙන් තවත් කිහිපදෙනකු ඉදිරියේදී ඉවත් වනු ඇති බව එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසනවා.
ඔහු කියාසිටියේ මහලේකම් ධුරයෙන් ප‍්‍රියන්ජිත් විතාරණ ඉල්ලා අස්වීම පිටුපස රහසක් ඇති බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “පක්ෂයේ මහලේකම් තුමාට පක්ෂයේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පක්ෂයට දැඩි කැපකිරීමක් කරපු නායකයෙක් ඉල්ලා අස් වෙන්න හේතුව සෞඛ්‍ය ගැටලු කියලා කිව්වට ඒක පිළිගන්න සාමාජිකයා ලෑස්ති නෑ. මේ නිසා මේ ගැන ඇත්ත උත්තර දෙන්න සිද්ද වෙනවා.” යනුවෙනි.
[rns_reactions]