ට්‍රම්ප් Covid 10 ‘චීන වෛරසය’ ලෙස නම් කරලා

ට්‍රම්ප් Covid 10 ‘චීන වෛරසය’ ලෙස නම් කරලා
Spread the love

පසුගිය සදුදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් කොරෝනා වෛරසය “චීන වෛරසය Chinese virus‘ ලෙස හැඳින්වීමෙන් පසුව චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීනය අපකීර්තියට පත් කිරීමට පෙර එක්සත් ජනපදය “තමන්ගේ වැඩක් බලා ගත යුතු Take care of its own business” බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අනතුරු ඇඟවීය.

අපකීර්තියට පත්වීමේ අවදානම හේතුවෙන් වෛරසය ඕනෑම විශේෂිත ප්‍රදේශයකට හෝ කණ්ඩායමකට සම්බන්ධ කිරීමට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් බහුතරයක් කොරෝනා වෛරසය ‘චීන වෛරසය‘ ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වන බව වාර්තා වේ. මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එය “වුහාන් වෛරසය “Wuhan virus” ” ගැන නැවත නැවතත් සඳහන් කර ඇත.

ප්‍රතිචාරය කුමක්ද?

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන ජෙන් ෂුවාං කියා සිටියේ ඇමෙරිකානු ජනපතිවරයාගේ ට්වීටර් පණිවුඩය චීනය අපකීර්තියට පත් කිරීමක් බවයි.

“අපි එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින්නේ එහි වැරැද්ද නිවැරදි කර චීනයට එරෙහි පදනම් විරහිත චෝදනා නතර කරන ලෙසයි.”

චීනයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා කියා සිටියේ ඇමෙරිකානු ජනපතිවරයාගේ් භාෂාව “ජාතිවාදී සහ භීතිකාව” බවත් “දේශපාලනඥයන්ගේ වගකීම් විරහිතභාවය හා නොහැකියාව” හෙළි කළ බවත් වෛරසය පිළිබඳ භීතිය වැඩි වීමේ අවදානමක් ඇති බවත්ය.

ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එක්සත් ජනපදය තුළින්ම විවේචන එල්ල වූ අතර නිව්යෝර්ක් නගරාධිපති බ්ලැසියෝ කියා සිටියේ මෙම වාක්‍ය ආසියානු- ඇමෙරිකානුවන්ට එරෙහිව ‘වඩා ආගම්වාදයට පොළඹවන බවයි.

කෙසේ වෙතත්, පසුගිය සතියේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු එක්සත් ජනපද හමුදාව එය කලාපයට ගෙන ආ බවට චෝදනා කරමින් කුමන්ත්‍රණ න්‍යායක් සමාජගත කළේය. එම පදනම් විරහිත චෝදනාව හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ “වැරදි තොරතුරු” පැතිරවීම නවත්වන ලෙස චීනයෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට ලොව පුරා රෝගීන් 170,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර චීනයේ 80,000 කට වඩා වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, අද (17) බීජිනය කියා සිටියේ, චීනයට හසු වූ එක් නව ආසාදිතයෙක් පමණක් වාර්තා වී ඇති බවයි.

බී.බී.සී වාර්තාවක් අසුරිණි