ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ ගාල්ල උණවටුන හෝටලයක පසුගියදා ව්‍යාපාරික මහේන්ද්‍ර විජේසේකරගේ පැවත් වු උත්සව අවස්ථාවක දී ය.
මෙම අවස්ථාවට දේශපාලන හිතවතුන් මෙන්ම ව්‍යාපාරික හිතවතුන් රැසක් ද සහභාගී වී තිබේ.
එහිදී ජනාධිපතිගේ මල්ලි ඩඩ්ලි සිරිසේන සහ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා උත්සවය අතරතුර වෙනත් පැත්තකට ගොස් දිගු වේලාවක් රහස් කතා බහක යෙදී ඇති බව අනාවරණය වේ.
එබැවින් ඔවුන් දෙදෙනාගේ මෙම රහස් කතා බහ කාගෙත් කුතුහලයට ලක් වී ඇත.
[rns_reactions]

