ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා තිබේ.
මෙම බැක්ටිීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බවත් ඒ පිළිබඳ පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවෙි මොනැෂ් විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙි මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටිීරියාව ව්‍යාප්ත කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.
මෙි පිළිබද සාකචිඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුලින් ඩෙංගු
මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම කළ හැකිබවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
[rns_reactions]