ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා.
රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හා එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම අරමුණයි. ඒ අනූව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බළකායේ රැස්වීම අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති කාර්යාලයේදී.
මේ වසරේ පමණක් රෝගීන් 44,623 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 115ක් සිදුවී තිබෙනවා. එය පසුගිය වසරවලට වඩා ඉහළ යාමක්.
රෝගීන් සහ මදුරු කීටයන් හමුවීමේ දත්තවලට අනූව දිස්ත්‍රික්ක 12ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ බරපතල තත්වය සැලකිල්ලට ගෙන ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද රැස්වීමේ දී සාකච්ජා කෙරෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයක දැක්වෙනවා.
[rns_reactions]

