ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?
Spread the love

1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් කණ්ඩායමට වචනයකින්වත් වරදක් හෝ දෙස් තැබීමක් සිදුකළේ නැත.

96 ලෝකශූරයින් 99 දී ගෙදර ආ හැටි

1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේද 1996 දී නායකයා වූ අර්ජුන රණතුංගමය. 1996දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආ අර්ජුන රණතුංග පුමුඛ ක්‍රිකට් කණ්ඩායම එදා 1999 දී පළමුවටයෙන්ම පරාජයට පත්ව ආ මොහොතේ එහි නායකයා වූ අර්ජුනම කියා සිටියේ, සැමදාම දිනන්න බැහැනේ, ජය පරාජය අපි සමසිත්ව විඳදරා ගත යුතුය කියාය. ක්‍රීඩාවේ මෙන්ම සෑම දෙයකම ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටින හෙයින් එය සත්‍යයකි.

එහෙත් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායක වූ කණ්ඩායමෙන් 80%ක් ඉක්මවා 1999 ලෝක කුසලානයට ක්‍රීඩා කරද්දී එම ලෝකශූරයින්ට අවම තරමේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයවත් ජය ගත නොහැකිව යළි සියරටට පැමිණීම ප්‍රශ්නාර්ථයක් විය.

96දී ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග එදා මෙදා තුර ඔහුට විකිණිය හැකි හැම දේටමත්, හැම තැනකමත් ඔහු පෞද්ගලිකව විකුණන්නේ 96දී කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම ලෝක කුසලානයේ නායකත්වයයි. එසේම ඔහුගෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් සියලු නායකයින්ට සහ ක්‍රීඩකයින්ට පහර ගැසීමට යොදා ගන්නේත් මෙම 96 ලෝක කුසලානයයි. එහෙත් 1999 දීත් ඔහු විසින් නායකත්වය දුන් ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම ගෙදර එන්න වුණු ක්‍රීඩා කිරීම ගැන ඔහු කටක් හැර නැත.

අභිරහස එළියට ආ හැටි

අදවන විට රණතුංග පවුල රටේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම රිංගමින් දේශපාලනයට අරක්ගෙන ඇති පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගැනීමට නොහැකිවන පරිදි තිලංග සිදුකරන මැදහත් ආවරණය නිසාම අර්ජුනට තිලංග සමඟ ඇත්තේ බද්ද වෛරයකි.

ඊයේ (18) එජාප ආණ්ඩුවේ ප්‍රවාහන ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී එහි වරප්‍රසාදවලට මුවාවෙමින් දැඩි පෞද්ගලික මඩ ප්‍රහාරයක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත එල්ල කළේය. එහෙත් කිසිදා නොසිතු පරිදි අර්ජුනගේ සුදු පිරුවරට ගලවමින් තිලංග සුමතිපාල ලෝක ඉතිහාසයේ තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකාවේ පළමු තරඟ පාවාදීම හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් පළමුවරට තරඟයක් පාවාදී ඇත්තේ අර්ජුන රණතුංග විසින් බවට එදා ක්‍රිකට් බලධරියෙකු වූ තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පිටු අතරට එක්කරමින් හෙළිදරව් කරන ලද්දේ ක්‍රිකට් ඉතිහාස පොත් පෙරමින් වන අතර අර්ජුනගේ සුදු පිරුවට උනාදමමිනි.

1992 දී ලක්නව්වලදී ඉන්දියාව සමඟ පැවති ටෙස් ක්‍රිකට් තරඟයක් ඇමෙරිකානු ඩොලර් 15,000කට අර්ජුන රණතුංග විසින් ඉන්දියාවට පාවාදී ඇති අතර එය අර්ජුනගේ ක්‍රිකට් පාවාදීම්වල මූලාරම්භය වී ඇත. එහෙත් 1994,95 වන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රිඩකයින්ගේ අතිවිශිෂ්ට දක්ෂතා හමුවේ කණ්ඩායමේ ජයග්‍රහණ සීමා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වූ බව පැහැදිලිය. එසේ ලෝක ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී පහතට ඇදවැටීමට ක්‍රිකට් තරඟ පාවාදීම් ඉස්මතු වූ කාලයක 1992දී පළමු තරඟ පාවාදීමෙන් පන්නරය ලද අර්ජුන යළි සැක නොසිතෙන පරිදි යළි කෙලෙස සක්‍රීය වන්නට ඇත්දැයි කාට කිව හැකිද?

මේ එම හෙළිදරව්වයි(විඩීයෝ)

1999දී පරාජිතව කණ්ඩායම ගෙදර එද්දී අර්ජුන පමණක් පැනගියේ කොහේද..?

1999දී ලෝක කුසලාන තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා ගෙදර එද්දී, එම කණ්ඩායමේ නායකයා වූ අර්ජුන කණ්ඩායම සමඟ ගෙදර පැමිණියේ නැත. ඔහු පැරිසිය බලා පියාසර කොට සතියක් පමණ එහි ගත කර පැමිණියේය. එය සැබැවින්ම සැක උපදවන කරුණකි. මෙරට ඇතැම් දේශපාලඥයින් විවිධ අවස්ථාවල යම් යම් පාවාදීම්, පක්ෂ මාරු කිරීම් සඳහා ඩීල් දමන්නේ ලංකාවේ නොවන බව නොරහසකි. එම ඩීල් මුදල් ගනුදෙනු සිදුවන්නේ රටින් පිට සිංගප්පුරුව හෝ ඩුබායි වැනි රටවලය. එසේ නම් ක්‍රිකට්වල මුදලට තරඟ පාවාදීම් වලට අදාළ මුදල් ගනුදෙනුද වෙනත් රටකදී මිස මේ රටේදී අතට හසුවන ලෙස සිදුනොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

96 දී කණ්ඩායමක් ලෙස කැපවීමෙන් රට වෙනුවෙන් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය හෑල්ලුවට ලක්කරමින් කඩේ පිලේ යන හැම තැන තමා ඉස්මතු කර පෙන්වමින් එය සිල්ලරට විකුණන අතරතුර තිලංග සුමතිපාලට බුකී කාරයා ලෙස නිරන්තරයෙන් පහර ගසන අර්ජුන මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු සභාගැබෙන් හීන් සීරුවේ මාරු වී හොස් ඇතැයි වාර්තාවේ.