තරුණියන්ට නවාතැන් දුන්නේ මහින්දගේ උපදෙස් මත – නාමල් සියල්ල හෙළිකරයි…..

Spread the love

නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂගෙන් ඊයේ (31 වැනිදා) පැයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙහිදී ප්‍රකාශයක්‌ ලබාදෙමින් නාමල් රාජපක්‌ෂ මහතා පවසා ඇත්තේ එවකට හිටපු ජනපතිගේ උපදෙස් මත නිල් බළකායේ  තරුණියන්ට  පුහුණුවීම් සමය තුල අදාළ නේවාසික පහසුකම්  ලබාදුන් බවයි.

නිල් බළකාය විසින් මෙම මුදල් ගෙවා දැමුවේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති කොමිසම පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඒ අනුව නිල් බළකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්‌ෂ මහතාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන තිබේ.