තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි

තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි
Spread the love

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සහන් කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් ද මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුන් දර්ශන පොරොත්තු ලේඛණයේ පසුවන බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.

‘අරුන් දර්ශන දැනට වේටින් ලිස්ට් එකේ ඉන්නේ. අනිද්දා (ජුලි 04 වැනිදා) වෙද්දී අපිට එයා සුදුසුකම් ලබනවද නැද්ද කියන එක ගැන අවසන් තීරණය දැනුම් දෙනවා.’ ඔහු කියා සිටියේය.

ස්පාඤ්ඤයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 600 තරග ඉසව්වෙන් නව ආසියානු වාර්තාවකට හිමිකම් කී තරුෂි කරුණාරත්න ගැන මෙරට ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවකින් පසුවේ. ඒ ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාවෙනි. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ෂා වැනි ක්‍රීඩිකාවන් ගෙන් පසුව මෙරට ජනතාවට මලල ක්‍රීඩාව හරහා වඩාත් සමීප වූ ක්‍රීඩිකාවක් ලෙස තරුෂිව හැඳින්විය හැකිය.