තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 200 පනී..

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 200 පනී..
Spread the love

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියමින් මව්වරුන් 215 දෙනකු ඊයේ (29) වනවිට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

රෝහල් බලධාරීන් පවසන්නේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව සිංහල මව්වරුන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි ප‍්‍රමාණයේ දිගින් දිගටම ඉහළ යාමක් තිබෙන බවයි. එම මව්වරුන් සියලූ දෙනා රෝහල් වෙත පැමිණිලි කර ඇත්තේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට කිසිදු දරු උපතක් සිදුනොවූ බවයි.

ඊයේ (29) දින පමණක් වෛද්‍ය ෂාෆි මහතාට එරෙහිව මව්වරුන් 81 දෙනකුු කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. මෙසේ පැමිණිලි ලැබීම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන නිසා ඒවා භාර ගැනීම සඳහා තවත් අමතර නිලධාරිනියන් පිරිසක් යෙදවීමට ඊයේ වනවිට කුරුණෑගල රෝහලේ නිලධාරීන් කටයුතු කර තිබිණි.

පෙරේදා (28) වනවිට ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත 134 දෙනකු විසින් පැමිණිලි කර තිබුණි.