සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (06) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට සිංහල මවුවරුන් 795 දෙනකු විසින් පැමිණිලි කර තිබිණි.
මේ අතර ඊයේ දිනයේදී පමණක් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 31 ක් ලැබී ඇත.
ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 681 කි.
එමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරු 11 දෙනෙකු දඹුල්ල මහ රෝහලට ඊයේ පැමිණිලි ඉදිරිපත් කළේය. මේ වන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 114ක්.
ඒ අනුව වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව795 කි.
මේ අතර වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් සිදුකළ සියලූම මවුවරුන්ගේ වාර්තා විමර්ශනය කිරීමේ කටයුතු කුරුණෑගල රෝහල මගින් ආරම්භ කරන ලදී.

