ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ රජය විසින් නිකුත් කරනු ලැබීය.
මහජන ආරක්ෂා ආඥා පනතේ හදිසි රෙගුලාසි යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතලවල 75-1 වගන්තිය යටතේ මෙම තහනම් කිරීම සිදුකර ඇත. නැෂනල් තවුහිද් ජමාත් (එන්.ටී.ජේ), ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ.එම්.අයි), විලයාත් අස් සෙයිලානි යන සංවිධාන මෙසේ තහනම් කර තිබේ.
එහෙත් පැවති රජයේ පූර්ණ ආධාර අනුග්‍රහ යටතේ හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මඟ පෙන්වීම මත ආරම්භ කළ වර්තමානයේ සිලෝන් තවුහිද් ජමාත් නැමැති සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කුප්‍රකට අබ්දුල් රාසීක් නැමැත්තා මෙතෙක් අත් අඩංගුවට නොගැනීම විශාල ප්රශ්නයකි.
ඔහුට එරෙහිව පසුගියදා CIDයට පැමිණිල්ලක්ද ගොනු කළ අතර අද වනතුරු ඔහු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක ඇමතිධුරය භාර ජනාධිපති සිරිසේන කටයුතු නොකිරීම ප්‍රශ්නාර්ථයකි.

