තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතුවලට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (21) පාර්ලිමේන්තුවට රැගෙනවිත් පරීක්ෂණ සිදුකරන ලදී.
මොහොමඞ් නවුෂාඞ් ජලාල්ඞීන් නමැති මෙම සැකකරු පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ පැය දෙකහමාරක පමණ වේලාවක් රඳවා තබාගෙන පොලිස් නිලධාරීන් විසින් දීර්ඝ ලෙස විමර්ශනයන් සිදුකර තිබේ.
සැකකරු භාරයේ තිබූ ලිපිගොනු, ඔහු භාවිත කළ පරිගණකයේ ඇතුළත් තොරතුරු, මෙසේ ඔහු ලවා විවෘත කළ පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
අදාළ පරිගණකයේ දෘඪ තැටිය (හාර්ඞ් ඩිස්ක්) සහ ඔහු සතුව තිබූ පෞද්ගලික ලිපි ගොනු කීපයක් පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරු පිළිබඳ හැන්සාර්ඞ් සංස්කාරකවරියගෙන්ද ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන ඇත.

