තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)
Spread the love

ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ දැවැන්ත නායකයින්ට උපදෙස් දුන්නා යැයි කියා ගන්නා ලෝක-නාථ-අනාථ උපදේශක රාජිත සේනාරත්නගේම පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ(23) අපූරු ප්‍රශ්නයක් ඇසීය.

එනම් ඔහුගේම පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔහුගේ නීතිඥයින්ගේ වරදින් ප්‍රතික්ෂේප වෙද්දී, එදා මෙදා තුරා රටේ විශාල නායකයින් ප්‍රමාණයකට උපදෙස් දුන්නා යැයි කියන චතුර සේනාරත්න තම පියාට හරියට පූර්ව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදේශ ලබානොදුන්නේ දැ’යි යන ප්‍රශ්නය මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් විමසා සිටියේය.

ඉන් කිපුණු මන්ත‍්‍රීවරයා පිලිතුරු දීම පසෙකලා වාහනයේ නැගී ඉඟිල ගියේය.චතුර සේනාරත්න මහතා සමාජ ජාලවල නිරන්තරයෙන් උපහාසයට ලක්වන්නේ ලෝකය ආරම්බයේ පටන් සිදුව ඇති වැදගත් සංසිද්ධීන්වලට උපදෙස් දුන්නෙක් ලෙසයි.