තිලංගගේ මග යමින් තරඟ පාවාදීම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට එංගලන්තයෙන් කෝටි 33ක නිවසක්?

Spread the love

පසුගිය වසරේ එංගලන්තය සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියක් පාවා දීම හරහා උපයා ගන්නා ලද මුදලින් හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් රුපියල් කෝටි 33 පමණ වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් වෙබ් අඩවියක් විසින් ලිපියක් පළ කර තිබේ.

මෙම චෝදනාව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශණය කොට එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස අප කාරුණිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිමු.

මෙම ලිපිය වැරදි නම් එය පළ කරන ලද වෙබ් අඩෙවියට එරෙහීව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප හිටපු ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලා සිටිමු.

එම ලිපිය පහතින් දැක්වේ.

” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුගේ සහ ඔහුට හිතවත් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීම් පිළිබදව පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක් වුනි. මේ පිළිබදව ක්‍රිඩා විචාරකයන් , හිටපු ක්‍රීඩකයන් මෙන්ම තරග පාවා දීම් වලට සම්බන්ධ නොවූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබුනා.

කෙසේ වෙතත් මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් හෝ නිතීමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා ගත්තේ නැහැ. ක්‍රිකට් තරග වලට මෙන්ම තුරග තරග සදහාද ඔට්ටු දැමිය හැකි බුකි ව්‍යාපාර හිමි ක්‍රිකට් සභාපතිවරයා , තමන් හා තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් වන ඉන්දීය බුකිකරුවන් හා එක්ව තරග පාවාදීමේ යෙදුනු ක්‍රීඩකයන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වූවා. කෙසේ වෙතත් මෙම චෝදනා වල උච්ඡස්ථානය ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ (ICC) දූෂණ මර්ධන ඒකකයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිදුව ඇති තරග පාවා දීම් හා ක්‍රිකට් පරිපාලනයේ අනෙකුත් දූෂණ පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දූෂීත ක්‍රිඩකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා විය හැක.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිනෙන ඔස්ට්‍රේලියා සංචාරයේ එක්දින තරගාවලියේදී මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වුනා. ඒ කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් ඇතුලු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුටයි. මෙහිදි පසුව අල්ලස් හා දූෂණ වංචා විමර්ෂන ඒකකයෙන් සිදු කෙරුනු අභ්‍යන්තර පරීක්ෂණයකින් අදාල ක්‍රිඩකයන් තිදෙනා තරග පාවා දීමේ චෝදනාවට වැරදි කරුවන් වුවත් ක්‍රිඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පිළිබදව ප්‍රසිද්ධ නොකර මෙම ක්‍රිඩකයන් තිදෙන කිසිදු දඩුවමකින් තොරව නිදහස් කරනු ලබනවා.

මෙහිදි අල්ලස් හා දූෂණ වංචා විමර්ෂණ ඒකකයේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඕස්ට්‍රේලීයාව සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් එංගලන්තයේ , ලන්ඩන් නගරයේ අති සුඛෝපභෝගී නිවසක් මිළට ගෙන ඇති බවයි.
හරියටම 2016 සැප්තැම්බර් මස 28දා ස්ටර්ලින් පවුම් 1,65,000ක මුදලකට ආන්ජලො මැතිවුස් මෙම නිවස මිළදි ගෙන තිබෙනවා.
ඒ අසංක විජේවර්දන නම් බ්‍රෝකර්වරයෙක් හරහා. අසංක විජේවර්දන යනු ධණුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයන් දෙදෙනාගේ කළමණාකරු වන අතර , අසංක විජේවර්දන ආන්ජලෝ මැතිවුස්ගේ හා ඔහුගේ සොහොයුරාගේ සමීපතම මිතුරෙකි , ව්‍යාපාර සහකරුවෙකි. එංගලන්තයෙ ජීවත් වූ සාමාන්‍ය රියදුරෙක් වූ අසංක විජේවර්දන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් කොට , ධණුෂ්ක ගුණතිලක ට හා කුසල් මෙන්ඩිස්ට අසංක විජේවර්දන සමග ගිවිසුම් ගත වන ලෙසට බලපෑම් කලේද ආන්ජලො මැතිවුස් විසින් ය.

කෙසේ වෙතත් එංගලන්තයේ ජීවත් වන අසංක විජේවර්දන හරහා 70 , Abbotsbury Road , London W14 8EP දරන ලිපිනයේ යුතු ඉඩම හා සුපිරි නිවස ආන්ජලො මැතිවුස් විසින් 2016 සැප්තැම්බර් මස 28 වන දින මිලට ගෙන තිබෙන්නෙ ස්ටර්ලින් පවුම් එක් මිලියන හය ලක්ෂ පනස් දහසකටය. එය ශ්‍රී ලංකාවේ මුදලින් තිස් තුන් කෝටී එකොලොස් ලක්ෂයකට අධික මුදලකි. එක්වරම ලන්ඩන් නුවරින් මෙම සුපිරි නිවස මිළදි ගැනීමට මුදල් සපයා ගත්තේ කෙලෙසදැයි පිළිතුරු දීමට ආන්ජලො මැතිවුස්ට නොහැකි විය. මෙම ගණුදෙනුව පිළිබදව ආන්ජලො මැතිවුස් ආදායම් බදු දෙපාර්තමේන්තුවද දැනුවත් කර තිබුනේ හා නියමිත බදු ගෙවා තිබුනේද නැත. ඉතින් මෙම ගනුදෙනුව සරලවම වැටෙනුයෙ කලු සල්ලි සුදු කිරීම නොහොත් “මනි ලොන්ඩ්‍රිං” ඝණයටය.

මෙම ගණුදෙනුව පිළිබදව අප නිත්‍යානූකූල ලියාපදිංචි කිරීමේ ලිපි ගොණු අමුණා ඇති නමුත් තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙකුට මෙම ගනුදෙනුවෙ ලියාපදිංචි ලියවිල්ලේ අංකය AD111851 බව කියා සිටිමු. එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාවෙන් ඕනෑම අයෙකුට මේ පිළිබදව පරීක්ෂා කර ගත හැකිය.
මෙම සුපිරි නිවස සහිත ඉඩම මිළදි ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පදිංචි ආන්ජලො ඩේවිස් මැතිවුස් බව එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමෙ දත්ත පද්ධතිය සහිත වෙබ් අඩවිය තහවුරු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව , අනෙකුත් වෙළද දැන්වීම් , තරග ගාස්තු හා සියලූම ක්‍රීඩා තරගාවලි වල කොන්ත්‍රාත්තු සහ ව්‍යාපාර වල ලාභාංශ ආන්ජලෝ ගේ ආදායම් නම් ඒ සියල්ල එකතු කළ පසුවද ආන්ජලෝගේ වාර්ෂික ආදායම කෝටි 33 නොඉක්මවන බව මින් පෙර සිදු කළ පරීක්ෂණ වලින් හෙළිව තිබුනි. ඇන්ජලෝගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 125,000 කි.

ආන්ජලො මැතිවුස් කුමන රටකින් කුමන දේපළ මිළදි ගත්තද අපට කම් නැත. කෙසේ නමුත් කෝටී ගණනින් සුපිරි නිවාස හා දේපළ මිළදි ගත් විට ඒවා සදහා මුදල් සපයා ගත් අයුරු පැහැදිලි කිරීමට ඔහුට හැකි විය යුතුය. ක්‍රීඩාවෙන් කෝටී ගණන් ආදායම් උපයා , එම මුදල්ද ප්‍රමාණවත් නොවි තරග පාවා දීම කිසිම ලෙසකට අනුමත කළ හැකි නොවේ. ආන්ජලො මැතිවුස් ඕස්ට්‍රේලියා සංචාරය අවසන් වූ වහාම එංගලන්තයෙන් සුපිරි නිවසක් මිළදි ගත් මුදල් අයුරු ක්‍රිකට් ක්ෂෙත්‍රයම දනි. ඔහු සමග මෙම ක්‍රියාවල නිරත වූ ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ද එක් වරම නුවරඑලියෙ සුපිරි හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමද රසිකයන් නොදන්නවා වුවද ක්ෂෙත්‍රයම දනි.

දැන් බලධාරීන් මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තෙක් අප බලා සිටිමි. ආන්ජලො මැතිවුස් ගේ සුපිරි නිවස ලියාපදිංචි කල ලියවිල්ලේ නිල උපුටන පහතින්.

උපුටා ගැනීම – Cricketlk.com

[rns_reactions]