ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් ද අනෙක් නෞකාවේ කිලෝ ලීටර් 21,000ක් ද අඩංගු බව වාර්තා වේ. නෙවෙස්කා ලේඩි නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් දිවයින පුරා බෙදා හැරීම සිදු කිරීමත් සමඟ පෙට්‍රල් සම්බන්ධයෙන් එතෙක් පැවැති ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර පසු ගිය දින කිහිපය තුළ පෙට්‍රල් අර්බුදයක් ඇති වූ අවස්ථාවේ ජනතාව තව දුරටත් පීඩාවට පත් කරමින් සමහර පිරිවුම් හල් ඩීසල් නිකුත් කිරීම පවා නවතා තිබූ බවත් එම පිරවුම් හල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අවධාරණය කරයි.
[rns_reactions]

