සිව් හැවිරිදි සිය දියණිය ඝාතනය කර කලාඔයට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කරුවලගස්වැව, නීලබැම්ම ගම්මානයේ මවගෙන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) අවසර හිමිවිය. අදාළ මව ඒ පිළිබඳ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කළ බවයි පොලීසිය පැවසුවේය. දැරියගේ මව මනෝවෛද්‍යවරයෙකු හමුවට යොමු කිරීමට ද කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.
ඉකුත් 30වනදා මෙම දැරිය පෙරපාසල් යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේ ඇතිවූ කෝපයක් නිසා මව විසින් පහරක් එල්ල කර ඇති බවත් එහිදී දැරිය සිහිමූර්ජා වී ඇති අතර යළි සිහිය නොපැමිණීම හේතුවෙන් තමන් දැරියව කලාඔයට විසි කළ බවත් මව විසින් පොලීසියට පාපොච්චාරණය කර ඇත. මව විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශවල පරස්පරතා ද තිබූ බව ද පොලීසිය පැවසන අතර ඉකුත් දින කිහිපයේදීම දැරියගේ සිරුර සොයා කලාඔය ඕලූමඩුව ප්‍රදේශයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ ද, එහිදී ද දැරියගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය. දැරියගේ සිරුර සතෙකුගේ ගොදුරක් වන්නට ඇති බවටයි සැක පහල වී ඇත.
වර්ෂාව හේතුවෙන් කලාඔයේ දැරියගේ සිරුර සොයා කළ මෙහෙයුම්වලට ඊයේ දිනයේ බාධා එල්ල විය. ඒ අනුව එම මෙහෙයුම් අද උදෑසන යළි ආරම්භ කරන බවයි සාලියවැව පොලීසිය පැවසුවේය.