එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සෑහෙන්න කාලෙකින් ඊයෙ(6) ජනාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වෙලා තියෙනවා.එහිදී සංධානයෙත් තරඟ වැදුන මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඔවුනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙලා වෙනම තරග කරන්න ඕන කියල ඉල්ලීමක් කරල තියෙන අතර විධායක සභාව ඒක අනුමත කරල තියෙනවා.
ඒකාබද්ද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද මහජන ඒකසත් පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර තමන් මේ විධායක සභාව සඳහා සහභාගී වූයේ ඒකාබද්ද විපක්ෂය දැනවත් කර බවත් ඉස්සරහටත් ඒකාබද්ද විපක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑමට අදහස් කරගෙන ඉන්නා බවත් කියා සිටියේය.