දිවයින පුරා දිගටම ඇඳිරි නීතිය!

දිවයින පුරා දිගටම ඇඳිරි නීතිය!
Spread the love

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.