අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් ස්ටීවන් ස්මිත් මෙහෙයවන රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
හුදකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු පාර්තිව් පටෙල්ට අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට සිදුවිය. පන්දු 43 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට පාර්තිව් පටෙල් සමත්විය.
වොෂිංටන් සුන්දර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 16 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගැනීමට සමත්විය. ශාර්දුල් ඨාකූර්ට ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.
ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටී පූනේ කණ්ඩායම අසරණ තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනෝජ් තිවාරි (58) සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.
පන්දු 43 කදී වාර්තා වූ රහනේගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
පූනේ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී තරඟයේ රටාව වෙනස් කරමින් වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 5 ක් සමගිනි.
මෙම තරඟයේදී ලසිත් මාලිංග විසින් පන්දුවාර 3 ක් පමණක් යවමින් ලකුණු 14 කට නායක ස්මිත්ගේ කඩුල්ල දවාගැනීමට සමත්විය.
පුනේ ඉනිමේ 19 වන පන්දුවාරය යැවූ මිචෙල් මක්ල්රගන් ලබාදුන් ලකුණු 26 තරඟයේ තීරණයට ඍජු වම බලපෑමක් විය.
කොල්කටා සහ සංරයිසස් අතර තරඟයේ ජය ලබන කණ්ඩායම මුම්බායි සමඟ තරඟ වැදීමෙන් අනතුරුව පුනේ කණ්ඩායමේ අවසන් තරඟයේ ප්‍රතිවාදියා තීරණය වනු ඇත.
[rns_reactions]