ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් තානාපති ඬේවිඞ් ක්ලෝඞ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
සිය ධූර කාලය අවසන්ව ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය ද ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපරිමයෙන් කැපවන බව තානාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමට මෙතෙක් ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිය ස්තූතිය පිිරිනැමීය.
සේවය අගයමින් ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර තානාපතිවරයා ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.
[rns_reactions]

