නයිට් ක්ලබ් ගිහින් නටපු පිස්සුව නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්!

Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මාස හයක තරග තහනම් පැනවීමට හේතු වූ කරුණු අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදහස් දක්වමින් පැවසුවේ රාතී‍්‍ර සමාජ ශාලාවක රැය පහන් කිරීම නිසා ඔහු පසුදා පැවැති පුහුණු සැසියට සහභාගි නොවූ බවයි.

මේ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලකට මෙම තරග තහනම පැනවීමටකටයුතු කළ බවයි ඔහු කියා සිටියේ. එ් අනුව ඉකුත් සැප්තැම්බර් මස 30 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඔහුගේ කොන්ත‍්‍රාත් මුදලින් සියයට විස්සක මුදලක්ද දඩ වශයෙන් අය කර ගැනීමටද ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් ශී‍්‍ර ලංකා සංචිතයෙන්ද ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

[rns_reactions]