නව වසරේ කුමාර් සංගක්කාරට තානාපති තනතුරක් – කියවන්න දැනගන්න බෙදාහරින්න

Spread the love

ජූනි මස 01 වැනිදා ආරම්භ වන මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබෙන බව අපට වාර්තා වේ.

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබෙනවා. 

ඔස්ටෙ‍්‍රලියාවේ මයික් හසී, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රෑන්ස් ස්මිත් , පකිස්තානයේ සියිඞ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබෙනවා. 

මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම් වන අතර ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නැහැ. 

තරගාවලියේ දී ඒ ඛාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනවා. 

බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාවයි.

[rns_reactions]