සරත් මනමේන්ද්‍ර මහතා පක්ෂ නායකත්වය දරණ නව සිහල උරුමය නම් පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් යුතුව නිකුත් කරන ලද වැලි ලබාගැනීම සදහා වන ලිපි දෙකක් මගින් ඔහු වැලි ව්‍යාපාරය පක්ෂ නිළ නාමය යොදගෙන සිදුකරගෙන යන බවට හෙළිදරව් වී ඇත.
ඒ අනුව ජි.එස්.එම්.බී. තාක්ෂණික සේවා (පුද්) සමාගම වෙත යොමු කරන ලිපි දෙකක් මගින් එම සමගම සතුව පවතින වැලි කැනීම් ව්‍යාපෘති දෙකක් වෙත දිනකට වැලි කියුබ් 12 බැගින් වන ලෙස වැලි නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
එම සමාගමේ වැළිකන්ද වැලිකැලීමේ ව්‍යාපෘතිය වෙත 12ක්ද අරණගංවිල නිදන්වල වැලි කැනීම් ව්‍යාපෘතියෙන් කියුබ් 12ක් වන ලෙස දිනකට වැලි නිකුත් කරන ලෙස ඉල්ලා ලිපි යවා ඇත
අදාළ ලිපි යවා මුදල් ගෙවීම් සිදුකරනු ලබන්නේ රාජ්‍ය භාගය සමග වැලි කියුබ් 03ක් 10500ක් වන ලෙස නිකුත් කරනු ලබන වැලි ලබාගැනීමට වන අතර ඔහු මෙය මාස 03ක් දක්වා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
ඉදිරිකීරීමක් සිදු කරන්නේ නම් ඒ සදහා වන වැලි කියුබ් ප්‍රමාණය ඔහුගේ පක්ෂයේ ශක්තිය අනුව වටහා ගත හැකි වන අතර මේ සිදුකරමින් පවතින්නේතම දේශපාලන බලය හා ජනාධිපතිවරණයට තරග කිරීම පදනම් කොටගෙන බලය යොදවා වැලි ව්‍යාපාරයක් කරගෙන යාමය. ඒ සදහා ඔහු අදාළ නාමයන් භාවිතා කොට ව්‍යාපෘතියේ නිලධාරීන්ට නිසි වෙලාවට වැලි නිකුත් කරන ලෙස දන්වමින් බැන වැදීම්ද සිදුකොට ඇති බව වාර්තාවේ.
අදාළ ව්‍යාපෘතියෙන් රුපියල් 10500ට ලබාගන්නා වැලි කියුබ් 03ක් කොළඹ දී එක් වැලි ටිපර් රථයක් අලෙවි වන මුදල වන්නේ රුපියල් 55 000ත් 60 000ත් අතර වේ . මේ අනුව නව සිහල උරුමය වැලි ව්‍යාපාරයට නතුව තම නාමය වෙනස් කරගෙන ඇති බවද තොරතුරු හෙළිකළ පිරිස් වාර්තා කොට සිටී.