නැවතත් සිපිරි ගේ රස විදීමට බියෙන් ගම්මන්පිල උසාවි යයි…

Spread the love

 

 

වර්තමාන දේශපාලන තුල මේ වන විට කාගේත් උපහාසයකට ලක්ව ඇති කුප්‍රකට උදය ගම්මන්පිල හෙවත් කුට්ටන්පිල  ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම පවරා ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණයේදී නැවත විභාගයට ගනු ලැබුවා.

හරස් ප්‍රශ්ණ වලට මුහුණදීමට බියෙන් හදිසියේ ඇතිවූ සංකූලතාවයක් යැයි පවසමින් ඊයේ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුලු වූ පා.ම උදය ගම්මන්පිල අද උදෑසන නඩු විභාගය සඳහා පැමිණ සිටියා.යම්හෙයකින් උදය ගම්මන්පිල නඩු විභාගයන්ට සහභාගී නොවුනහොත් ඔහුව අත් අඩංගුවට ගෙන බන්ධනාගාර රෝහලට ඇතුලු කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබාදීම නිසා මෙලෙස හදිසියේම උදය ගම්මන්පිල සිය අසනීප ප්‍රබන්ධය අතහැර අධිකරණයට පැමිණ තිබේ.

නඩු විභාග අතරතුරදී දේශපාලකයින් වරින් වර විවිධ අසනීප නිසා පෞද්ගලික රෝහල් වලට ඇතුලු වීම සහ ඒ හරහා ඔවුන් නඩුවාර මඟ හැරීම ගැන අවධානය යොමුකල නීතිපතිවරයා මෙම නියෝගය පොලීසියට ලබාදී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කලා….