පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පැවැත්වීමට ජනාධිපතිතුමා නියෝග කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.
මැයි රැළියට තමන්ට තරඟයක් නැති බව පැවසූ අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක මැයි රැළියක් මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද කියයි.
මැයි රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ට ද ආරාධනා කර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා නැති බවත් “අළුත් පක්ෂ හදනවා.එහෙම හදන්න අයිතිය තියනවා.හැබයි මම දන්න තරමට ඔය අළුත් පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවම සමාජිකත්වය අරගෙන නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
[rns_reactions]
