නුවර සම්බාහන මධ්‍යස්ථානයකදී 21 යුවතියක් සමග බිරිඳට හසුවී බිරඳගෙන් ගුටි කෑ ආණ්ඩුවේ වයසක ඇමති ලොක්කා කවුද ?

Spread the love

ඔන්න එක ඉරිද දවසක හැන්දෑවෙ 2ට විතර මේ ලොක්ක කෝල් එකක් ගන්නව ගෙදර ඉදං.. ඉතිං ඒක මහ ලොකු දෙයක් නෙමේනෙ ඒ ලොක්කට කොයි වෙලෙත් කෝල්.. හැබැයි ලොක්කගෙ කරුමෙ කියන්නේ මේ වෙලාවෙ ලොක්කගෙ ජංගම දුරකතනයේ බැටරි බැහැල නිසා ලොක්ක ගන්නෙ ගෙදර දුරකතනයෙන්… ඒකත් ඉතිං මේ ලෙක්කගෙ බිරින්දෑට ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ මොකද ලොක්ක ගෙදර ඉන්න දවසට ලොක්කගෙ ජංගම දුරකතනයට විතරක් නෙමේ ගෙදර එකටයි අර ආරක්ෂාවට දීල ඉන්න අයගෙ ජංගම දුරකතන වලටයි නිතරම කොල් එනවනේ… ඒ විතරැක්යෑ මේ කියන බිරින්දෑගෙ ජංගම දුරකතනයටත් ලගම අය කතාකරනවනේ ලොක්කව අල්ලගන්න… ඉතිං ඒ බිරින්දෑට ඒක එච්චර ගානක් ගියේ නෑ…..

Image result for man calling clip art

ඔහොම යද්දි ඉතින් හවස තුනට විතර මේ ලොක්ක ප්‍රිය බිරිඳ විසින් දුන්න තේ එකක් එහෙම කාරය බීල “මේ ____ (බිරිඳට ගෙදරට ආරේට කියන නමෙන්) අඬගහල මට හදිසියේම මලගෙදරකට ගොඩ වෙන්ට ඕන ඒයි.. මං පැය දෙක තුනක් යද්දි එන්නම් අද රෑට කන්න මට කරවල තෙල් දාල පරිප්පුවක් හදල සම්බෝලයක් එක්ක කැකුළු බත් ටිකක් හදන්නකෝ ” කියල ආදරෙන් කියල ගෙදරින් එළියට බැහැල තියෙනවා….

 

ඔන්න ඉතින් මහත්තයගෙ වැඩ රාජකාරි එක්ක වැඩිය ගෙදරින් කන්න වෙන්නෙ නැති නිසාත් අද කටින්ම ආසම කෑම ඉල්ලුව නිසාත් ඒ ලොක්කගෙ ප්‍රිය බිරිඳ, ගෙදර උයන්න හිටිය කුස්සි අම්මට පැත්තකට වෙන්න කියල ඒ ලොක්කගෙ ආරක්ෂාවට හිටපු ආරක්ෂක මහත්තයෙක්ව ළඟ තියෙන සුපර් මාකට් එකට ඒ ස්කොඩ් ඒකේ ඩිෆෙන්ඩරේම යවල( ආ කලින් කියන්න අමතක උනා ලොක්ක අර හදිසියේ මල ගෙදරක යනව කියල ගියේ තමන්ගෙ අංගාරක්ෂකයො නැතිව රජයෙන් දුන්න වාහනෙත් තැතිව ගෙදර තිබ්බ පුද්ගලික වාහනයක තමයි ගියෙත් නිල රියදුරා එක්ක නෙමේ ගෙදර හිටපු අනෙත් රියදුරා එක්ක කියල තමා ආරංචිය)

හරි ඉතිං ඒ ඩිෆෙන්ඩරේ යවල ඒ ලොක්ක කන්න ආසම මෝර කරවල ගෙන්නලා ඒව බඳින්න හදද්දිම ගෙදර දුරකතනය නාද වෙන්න පටං අරං… ඉතිං මේ නෝන කරවල බදින එක කුස්සි අම්මට දීල ගිහින් දුරකතනය උත්තර දෙද්දි නෝන හලෝ කියන්නත් කලින් එහා පැත්තෙන් කිව්වලු අනේ සර්,සර් ඉල්ලපු අවුරුදු 19 එක්කෙනාව කන්ටෑක් කරගන්න බෑ සර්… 21කේ එක්කෙනෙක් ඉන්නවා එයා දෙන්නම් කියල…

Image result for woman calling land phone clipart

ඔන්න ඉතිං මේ නෝන ඒ ලොක්කගෙ පරණ පැටිකිරිය හොදට දන්නව උනත් ඒ වයසටත් වඩා වැඩිමල් දුවල ඉන්න මේ ලොක්ක මේ වගේ එකක් කරයි කියල නම් කවදාවත් හිතල නෑළු… කකුල් දෙකත් පණ නැති උන මේ නෝන මොකුත් නොකිය ෆෝන් එක එහෙමම තියල ටික වෙලාවක් ඉදල ඒ නොම්බරයට ආයෙ කොල් එකක් ගත්තලු… ඔන්න ඒ වෙලාවෙ එහා පැත්තෙන් කියාපි_______ “අහවල් මසාජ් සෙන්ටර් එක වට් කැන් අයි ඩූ ෆො යූ සර් කියල”

Image result for woman calling land phone clip art

ඔන්න ඉතින් මේ නෝනගෙ රතු කට්ට වට දෙක තුනක් කැරකිලා ඉදින් හොද වැඩක් කරන්නම් කියලා ඒ ලොක්කගෙම ස්කොඩ් එකේ කොළුවෙකුට කතා කරල මේ නොම්බරේට කතා කරල තැන අහගන්න කිව්වලු… ඉතිං ඒ කොළුව කියල මොකක් කරන්නද නේද ඔය 225හේම අංගාරක්ෂකයො කරන්නෙ අදාල පුද්ගලයට වඩා පවුලෙ අයව රැක බලා ගන්න ඒකනේ.. ඉතිං ඒ කොළුවත් කොල් එක අරං තැන ඒම අහගෙන නෝනට දුන්නලු…

ඔන්න ඊට පස්සෙ තමා යමර යුද්දෙ වෙලා තියෙන්නේ නෝනත් ඒ තැනට ලොක්ක දාල ගිය ස්කොඩ් එකේ වාහනේ කට්ටියත් එක්ක ඉස්සරහ සීට් එකේ නැගලම ගියලු.. මෙන්න බොලේ ලොක්ක අරං ගිය ගෙදර වාහනේට හේත්තු වෙලා රියදුරු මහත්තයා බුලත් විටක් කකා ඉන්නව දැක්කම නෝනගෙ ඇඟේ මාළු ගඟේ නටන්න ගත්තලු… කෙලින්ම අන්න ඒ මසාජ් ක්ලින්ක් එක ඇතුලට පිරිවර එක්ක ගිය නෝන ලොක්කගෙ බෙල්ලෙන්ම අල්ලගද්දි ඒ ලොක්කට කට උත්තර නැති උනාළු…. තූ නොදකින් වනචර බල්ලා මුන්ට වඩා වයස ගෑණු දරුවො බොට ඉන්ටවා නේද කියල මේ නෝන සෙරෙප්පුවේ අඩිය ගැලවෙනකල් ඒ ලෙක්කට පතබාල වර යන්ට ගෙදර කියල ඇදන් හිටපු සාළු කොටේ පිටින්ම ගෙදර අරං ගියා කියල තමා ආරංචිය…

ආ ඔන්න ඉඟියක් දෙන්නම්කෝ මේ ලොක්ක ගැන මෙයා ඉන්නේ නුවර පැත්තේ… මෙයා ආණ්ඩුවේ ඇමති කෙනෙක් වගේම නායකයෙක්…. ගොඩක් මිනිස්සු මෙයට ආදරේට ගොනා කියල කතාකරනවා මෙයාගෙම කතාවක් නිසා….දැන් ඉතිං දන්නවනේ කවුද කියල…

ඔන්න ඔහොමයි පිංවතුනෙ තොරණෙ විස්තරේ————
______________________________________________________________________________________________________