පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි
Spread the love

මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම යෝජනාවට සඳහා පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබී ඇත.

ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර මේ පිළිබඳව කිරින්ද ප්‍රදේශිය සභා සභාපතිවරයා අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය දිනක කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණි.

අදාළ පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි තර දෙන ලෙසයි.

මෙම පෙස්සම සඳහා මෙම ප්‍රදේශයේ ගම්වාසීන් 110ක් අත්සන් තබා තිබූ බවද වාර්තාවේ.