පරාජයේ අදුරු සෙවනැලි මතුකරමින් ගම්පහ එජාපය නාය යාමක… ප්‍රබලයන් පිරිසක් ශ්‍රීලනිපයට..

Spread the love

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගනිති…….

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගනු ලැබූහ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් ශාන්ත නවරත්න, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කීර්ති කොරතොට, නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුථ දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රබල ක්‍රියාකාරින් රැසක් මේ අතර වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

[rns_reactions]