පරාජිතයාගේ මැයි රැලියේ ‍දෙදෙනෙක් මියයාම අසුභ පෙරනිමිත්තක් බව ජොතිර්වේදින් කියයි..

Spread the love

ශ්‍රී ලංකාවේ මැයි දින රැස්වීමකදී පුද්ගලයෙක් පමණක් නොව දෙදෙනෙකුම මිය ගිය ප්‍රථම අවස්ථාව වාර්තා කරමින් ගැලුමුවදොර පිට්ටනියේ පැවැති ඒකාබද්ධ හොරුන්ගේ මැයි දින රැළියට කුලියට ගෙන්වා සිටි අසරණ වියපත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අධික රස්නයෙන් සහ විජලනයෙන් මරණයට පත් ව තිබේ. මිය ගිය පුරුෂයා මහනුවරින් ගෙන්වා සිටි 80 වැනි වියේ පසුවූ වික්ටර් සිල්වා නමැති වියපත් අයෙක් සහ මිය ගිය කාන්තාව නිවිතිගලින් ගෙන්වා සිටි ඩබ්ලිව් ඉන්ද්‍රානි නමැති 60 වැනි වියේ පසුවූ වියපත් කාන්තාවකි. 

ගෙන්වූ පිරිසට නිසි ලෙස ජලය සැපයීමක් සිදුකර නොතිබීමත්, කිසිදු ප්‍රථමාධාර කණ්ඩායමක් සේවය සඳහා යොදවා නොතිබීමත්, හොරුන්ගේ සුපිරි වාහන රාශියක් රැස්වීම් භූමියේ තිබුනද රෝගීන් දෙදෙනා හනික රෝහලකට ගෙන යෑමට අසමත් වීමත් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව තිබේ.

දෙදෙනාම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර විජලනය සහ අධික තාපය මරණ වලට හේතු වී ඇතැයිද හනික රෝහලට ගෙන ආවේ නම් ජීවිත බේරා ගත හැකිව තිබිනැයිද රෝහල් ප්‍රකාශකයෙක්  පැවසීය. 

මේ අතර මෙම සිදුවිම මහින්ද රාජපක්ෂයන්ට ඇති අපල ස්වභාවය ඇස් පනාපිට ඔප්පු වු සිදුවිමක් බව ජෝ‍යතිෂ්‍යවේදින්ගේ මතවාදය වි ඇත. මහින්ද රාජපක්ෂයන්ට යලිත් කිසිදිනක බලය ලබාගත නොහැකි බවත් මේ දිනවල ඔහුගේ ඒරාෂ්ඨක අපල තත්වය උච්ච තත්වයට පැමිණ ඇති අතර ඔහුගේ ජිවිතයේ අසුභ කාලසමයක ආරම්භය ලෙස මෙම තත්වය අර්ථ දැක්විය හැක. පවුලේ සමිපතමයින් සිරගත විම ලෙඩ රෝග ආදි කරදර රැසකින් මහින්දට ඉදිරියේ පිඩාවිදිමට සිදුවනු ඇති බව ඔවුනගේ මතවාදය වි ඇත.

[rns_reactions]